රාජ්‍ය අමාත්‍යවරුන් වෙත නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර දීම තවදුරටත් ප‍්‍රමාද වන්නේනම් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම එතරම් පලදායී කි‍්‍රයාවක් නොවන බව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර පවසයි.
නව ආණ්ඩුව බලයට පත්වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් මේ වන තෙක් රාජ්‍ය ඇමැතිවරු පත්වී සිටින අපහසුතාව දුරු කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් දියත්වී නොමැති බවද ඔහු පවසයි.
 
මෙම ගැටලුව විසදීම සදහා අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට යෝජනා ඉදිරිපත් කර ඇති බවද ඉදිරි වසරේදී හෝ රාජ්‍ය ඇමැතිවරුන්ගේ ගැටලුවලට විසදුම් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු මාධ්‍යෙව්දීන් කණ්ඩායමක් සමග පැවසීය.
 
රාජ්‍ය ඇමැතිවරුන්ට විශය පථයක් වෙන් කිරීමට කටයුතු කළ යුතු බව පවසන රාජ්‍ය ඇමැතිවරයා මේ වන විටත් රාජ්‍ය ඇමැතිවරුන්ට ප්‍රාෙයා්ගිකව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද සදහන් කරයි. 
 
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
 
අපි දැන් අරගල කරන්නේ වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කර ගන්න. හැබැයි මෙහෙම අරගල කරන්න සිද්ද වෙයි කියලා එදා අපිවත් මහජනයාවත් හිතුවෙ නෑ. ඉතිං අපි වැඩ කරන්න බලය ඉල්ලලා ඉල්ලීම් ඉදිරිපත් කරනවා. මේක බරපතල ගැටළුවක්. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරුන්ට සිදු වෙලා තියෙන අසාධාරණය ආණ්ඩුවටත් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි.
 
ඒ නිසයි අපි රාජ්‍ය අමාත්‍යංශ සඳහා ගැසට් මගින් විෂය පථයන් වෙන් කරන්න කියල ජනාධිපතිවරයාගෙන් වගේම අගැමැතිතුමාගෙනුත් ඉල්ලා සිටියේ. වැඩ කරන්න වගේම ජනතාව දුන් බලය රැ‍කගැනීමත් වෙනුවෙන් තමයි මේ යෝජනා ඉදිරිපත් කරන්නේ. මේ වසරේ මුල් මාස දෙක තුළ මේ ගැටළුවට නිසි විසඳුම් ලබා නොදෙන්නේනම් අමාත්‍යධූරවල රැදී සිටීමෙන් පලක් නොවන බවත්  එසේ වන්නේනම් කුමක් කරන්නේදැයි දෙවනුව සිතා බැලීමට සිදුවනවා